My Blog List

dshgsdfgsjk

shjskjsjlsjs

Search This Blog

Pages

Powered By Blogger

Friday, July 2, 2010

පරිසර යනු කුමක්ද?

කෙටිම අර්ථ දැක්වීම වන්නේ තමා වටා ඇති සියලුම දේ යන්නයි.ඒ අනුව මිනිසා ශාඛ සතුන් ජලය වාතය පස ගොඩනැගිලි ක්‍ෂුද්‍ර ජීවීන් ආදී සියල්ල අයත් වේ. මෙම සියලුම අංශයන් වෙනස් නොවී තුලිතව පවතින තාක් දුරට මිනිසාට හිතකර පරිසරයක් යැයි පවසයි.


පරිසර දූෂණය යනු කුමක්ද?

පරිසරයේ උක්ත සඳහන් කළ අංගයන් වලින් අහිතකර බලපෑමක් එල්ලවන ආකාරයට පාරිසරික තුලිතතාවය

බිඳ වැටීමයි.


[සංස්කරණය] පරිසර දූෂණයට ලක්වන අංශයන්,
[සංස්කරණය] වායුගෝලීය දූෂණය

අප වටා ඇති හිස් අවකාශය වායුගෝලයයි.මෙහි විවිධ වායු වර්ග ඇත.තවද මෙම වායුගෝලය තුළ විවිධ චක්‍ර වර්ග

අඩංගු වේ.ඒවා නම් ඔක්සිජන් චක්‍රය, කාබන්ඩයොක්සයිඩ් චක්‍රය ,ජල චක්‍රය වශයෙන් වේ.‍මේවා ස්වභාවික චක්‍ර

ලෙස ක්‍රියා කරයි.මේවාට අනුකූල නොවන ආකාරය‍ට වායුගෝලයේ කො‍ටස් නිදහස් කරීම මෙන්ම අමතර වායූන්

මෙන්ම වෙනත් ඝණ අංශු වර්ග වායුගෝලයට නිදහස් කිරීම සිදුවෙයි.මෙමඟින් වායුගෝලයේ තුල්‍යතාවය

බිඳවැටේ.මෙය වායුගෝලීය දූෂණය නම් වේ.


වායුගෝලීය දූෂණය‍ට බලපාන වායු වර්ග

වායු වර්ගය ඇතිවන ආකාරය බලපෑම
කාබන්මොනොක්සයිඩ් දැව හා ඉන්ධන අර්ධ දහනය වීම නිසා සතුන්ගේ වායු සංසරණයට බාධා ඇති වේ.
කාබන්ඩයොක්සයිඩ් ඉන්ධන දහනය, පෙට්‍රල්, භූමිතෙල්,ගල්අගුරු හරිතාගාර වායුවක් නිසා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යයි.
සල්පර්ඩයොක්සයිඩ් ඉන්ධන දහනය, ගල්අගුරු දහනය විෂ වායුවකි.ස්වසන ආබාධ අධික දුර්ගන්ධය, අම්ල වර්ෂා ඇති කරයි
නයිට්‍රජන්ඩයොක්සයිඩ්,නයිට්‍රජන්ඔක්සයිඩ් ගල් අගුරු ඛනිජතෙල් ,දහනය නයිට්‍රජන් අඩංගු පොහොර භාවිතය අම්ල වර්ෂා ඇති කරයි.ඕසෝන් වියනට හානි සිදුවීම
ක්ලෝරොෆ්ලූරොකාබන් ශීතකරණ හා වායුසමීකරණ වල ඕසෝන් වියනට හානි සිදුවීම
කාබන්ටෙට්රාක්ලෝරයිඩ්,මෙතිල්බ්‍රෝමයිඩ් ඕසෝන් වියනට හානි සිදුවීම
හයිඩ්‍රොකාබන් ඉන්ධන වල අර්ධ දහනය ස්වසන ආබාධ ඇති කරයි
දූවිලි අංශු රථවාහන ධාවනය,කලුගල් පිපිරවීම ස්වසන ආබාධ ඇති කරයි
ඊයම් අංශු ඊයම් සහිත පෙට්‍රල් දහනය පිළිකා ඇති වීම



අහිතකර වායු වර්ග වායුගෝලයට නිදහස් වන්නේ

Air polution.jpg
Air poliution.jpg
Polution by car.jpg

* අධික කාර්මීකරණය

* රථවාහන භාවිතය අධික ලෙස වැඩිවීම නිසාය

[සංස්කරණය] වායුගෝලීය දුෂණයෙන් ඇතිවන අහිතකර බලපෑම්

01.හුස්ම ගැනීමේ අපහසුතා

02.ඇස් දැවිල්ල ඇතිවීම

03.ස්වසන මාර්ගය හා රුධිරය ආශ්‍රිත රෝග

04.මන්ද බුද්ධික දරුවන් බිහිවීම

05.ස්නායු ආබාධ ඇතිවීම
[සංස්කරණය] ජල දූෂණය

පරිසරය තුළ ජලයේ පැවතීම විවිධාකාර වේ.මතුපිට ජලය,භූගත ජලය,ජල වශ්ප හා මිදුනු ජලය ලෙස පවතියි.මීට

අමතරව ජලය කරදිය ,මිරිදිය,කිවුල් දිය වශයෙන් තුන් ආකාරයක‍ට බෙදා දැක්විය හැක.


* කරදිය -ලවණ ප්‍රතිශතය ඉහළ අගයක් ගනී.

* මිරිදිය -සුළු ලවණ ප්‍රතිශතයක් ඇත.

* කිවුල් දිය -මැග්නීසියම් සල්පේට්,කැල්සියම් සල්පේට් ,අඩංගු වේ.අමුතු රසයකින් යුක්ත වේ.මෙහි දැක්වෙන

ජලය ආකාර තුනෙන් එකක හෝ සංයුතියෙහි සිදුවන වෙනස්වීම් ජල දූෂණය ලෙස හැඳින් වේ.


[සංස්කරණය] ජලය දූෂණය වූ විට හදුනා ගත හැකි ආකාරය

01.ජලයේ අනවශ්‍ය රසායනික කොටස් අඩංගු වීම

උදා-ක්රෝමියම් ,තෙල් හා ග්‍රීස් ,රසදිය.
Water polution.jpg

02.ජලයේ වර්ණය වෙනස් වීම

03.ගන්ධයක් ඇති වීම

04.රසය වෙනස් විම


[සංස්කරණය] ජල දූෂණයට හේතු

01.කර්මාන්තශාලා වලින් පිටකරන අපද්‍රව්‍ය ජල මාර්ග වලට යොමු කිරීම.

02.කාබනික අපද්‍රව්‍ය ජලයට එකතුවීම.

03.සුපෝෂණය ඇති වීම නිසා ජලාශ දූෂණය වීම.

04.කෘෂි රසායනික ද්‍රව්‍ය වගාබිම් හරහා ජලයට එකතුවීම.

05.තෙත්බිම් වල කුණු කසල පිරවීම නිසා වන ජල දූෂණය.

06.පොලිතින් ආදී දිරා නොයන අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා වන දූෂණය.

07.හදිසි අනතුරු නිසා වන ජල දූෂණය.

උදා-කොළඹ වරාය අවට තෙල් නැව් වලින් ඇති වන අනතුරු

08.රෝග කාරක විෂ බීජ එකතු වීම වන ජල දූෂණය.

09.කඳු හා උස් බිම් සෝදා පාලුව නිසා ජලයේ බොරතාවය ඉහළයාම.


[සංස්කරණය] ජල දූෂණයේ ප්‍රතිවිපාක

01.ලෙඩ රෝග ඇති වීම .

02.මිනිසුන්ගේ අවශ්‍යතාවලට යොදා ගැනීමට නොහැකිවීම.

03.ජලාශ වලින් ආහාර කෙරෙහි මිනිසාට ලැබෙන පිටිවහල අවම වීම.

04.නිසි ජල සැපයුමක් නොමැති වීම, පිරිසිදු පානීය ජලය නොමැතිවීම.

05.ගංගා දූෂණය වීම නිසා උදරාබාධ වලින් ලෝක ජනතාව වසරකට මිලියන 5ක් පමණ මිය යති.


[සංස්කරණය] ගොඩබිම දූෂණය

මෙහිදී විශේෂයෙන්ම කතා කරන්නේ පස දූෂණය වීම සම්බන්ධවයි.පසේ ව්‍යුහය හා රසායනික ද්‍රව්‍යවල

ඇතිවන වෙනස පස දූෂණය වීම ලෙස හැඳින්වේ.
Soil polution.JPG
[සංස්කරණය] පස දූෂණය වන ක්‍රම

01.පසේ ලවණතාවය වෙනස් වීම

02.දිරා නොවන කොටස් පසට එකතු වීම

උදා-පොලිතීන්,ප්ලාස්ටික්

03.විෂ රසායන පසේ එක්රැස් වීම

04.පසේ ජල පරිමාව වෙනස් වීම

05.පාංශු ඛාදනය

06.අපද්‍රව්‍ය එකතු වීම

07.කැටායන හුවමාරුව බිඳ වැටීම


[සංස්කරණය] පස දූෂණයේ ප්‍රති විපාක

01.පසේ සාරවත් බව අඩු වීම හා අස්වැන්න අඩු වීම

02.විෂ රසායනික ද්‍රව්‍ය ආහාර තුළට එකතු වීම

03.පස තුළ අපද්‍රව්‍ය එකතු වීම නිසා පාංශු ජීවි විනාශ වීම

04.ජලාශ තුළ රොන් මඩ එකතු වීම හේතුවෙන් රඳවාගත හැකි ජල ප්‍රමාණය අඩු වීම

05.නියං කාල වලදී ජල උල්පත් සිඳීයාම
[සංස්කරණය] ශබ්ද දූෂණය

සාමාන්‍ය පරිසරයේ ඇති වන ශබ්දයන් නිසා ජීවින්ට අපහසුතාවක් ඇති නොකරයි.නමුත් මිනිසා මැදිහත් වීමෙන්

මිනිසා විසින් ඇතිකරන ශබිද දරා ගැනීම‍ට අපහසුතාවයක් ඇති වේ.මෙය ශබ්ද දූෂණය ලෙස හැඳිනිවේ.


[සංස්කරණය] ශබ්ද දූෂණය ඇති වීමට හේතු

01.කර්මාන්ත ශාලා ක්‍රියාකාරිත්වය

02.වාහන අධික බව

03.ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතය.


[සංස්කරණය] ශබ්ද දූෂණයේ ප්‍රතිවිපාක

01.මානසික කරදරකාරි වටපාටාවක් ඇති වීම

02.ශ්‍රවනාබාධ ඇති වීම

03.වමනය හා හිසරදය

04.අස්ථායිභාවය
[සංස්කරණය] වනාන්තර හා සතුන්ට වන හානි

අධික ජනගහනයක් විසීම හේතුවෙන් වනාන්කර ආශ්‍රිත ප්‍රදේශ ජනාවාස බවට පත් කරීම නිසා වනාන්තර

ප්‍රතිශතය අඩු වී යයි.තවද කෘෂිකාර්මික බිම් වැඩිවීම කර්මාන්ත හා සංවර්ධන ව්‍යාපෘති උදෙසා ඉඩකඩ අවශ්‍ය වීම

නිසාද වනාන්තර අහිමි වේ.


[සංස්කරණය] වනාන්තර විනාශයෙන් වන පරිසර හානි.

01.කාලගුණය වෙනස් වීම

උදා-ගෝලීය උෂ්ණත්වය වැඩි වීම,ඍතු කාල සීමාව වෙනස් වීම

02.ජෛව විවිධත්වය විකාශ වීම


Costal polution.jpg
[සංස්කරණය] වෙරළ දූෂණය

වෙරළ සංරක්ෂණ පනතේ වෙරළ කළාපය ලෙස දක්වා ඇත්තේ මධ්‍ය වඩදිය ඉම සිට ගොඩබිම දෙසට මීටර 300 ක

සීමාවක් හා මධ්‍ය බාදිය ඉම සිට මුහුද දෙසට කිලෝමීටර ‍2 ක සීමාව ඇතුළත පිහිටි ප්‍රදේශයයි.තවද ගංගා ,කලපු

,දියපාරවල්ද ඊට අයත් වේ.මේ ආශ්‍රිතව ඇති වෙන යම් යම් අහිතකර බලපෑම් වෙරළ දූෂණය යන්නේ අදහස් වේ.
Indastrial.jpg
[සංස්කරණය] වෙරළ දූෂණය වන ක්‍රම

01.වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්

02.කැලි කසල බැහැර කිරීම

03.ඉස්සන් වගාව

04.කොරල් පර විනාශය


[සංස්කරණය] වෙරළ කලාපයේ සංවර්ධනය නිසා ඇතිවන අහිතකර බලපෑම්.

01.මහජනයාට වෙරළට යාමට ඇති අයිතිය උල්ලංඝනයවීම.

02.වෙරළ කලාපයට අහිතකර බලපෑම් ඇතිවීම.

03.ධීවර කටයුතු වලට බාධා වීම.

04.විෂ හෝ අප ද්‍රව්‍ය ප්‍රමිතීන් ඉක්මවා යාම.
[සංස්කරණය] ඉස්සන් වගාව නිසා වෙරළ කලාපයේ ඇති වන ගැටළු .

01.කඩොලාන විනාශවීම.

02.නව ඇළ මාර්ග තැනීම නිසා පසෙහි ලවණ තාවය වැඩිවීම.

03.භූගත ජල සම්පත අඩු වීම .

04.ඉස්සන් වගාවේ අපවිත්‍ර ජලය කෙලින්ම කලපුවට මුදාහැරීම.

05.ගංවතුර තර්ජන ඇති වීම.


[සංස්කරණය] කොරල් පර විනාශය නිසා වෙරළ කලාපයේ ඇති වන ගැටළු .

01.වෙරළ ඛාදනය ඉහළයාම.

02.වෙරළ සුන්දරත්වය නැතිවීම.

03.සංචාරක කර්මාන්තයට බාධා ඇති වීම.
[සංස්කරණය] ආශ්‍රිත ග්‍රන්ථ

ඔබේ පරිසර අයිතිය පරිසර පදනම

5 comments:

  1. This is very essential for us as school children...
    -thanks a lot-

    ReplyDelete
  2. Oba thuma me sadaha aashritha karagath grantha naamawaliya athulath kalanam watinawa...theruwan saranai

    ReplyDelete
  3. බොහොමත්ම ස්තූතියි, තවත් මාතෘකා ගැන ලියන්න

    ReplyDelete