My Blog List

dshgsdfgsjk

shjskjsjlsjs

Search This Blog

Pages

Powered By Blogger

Friday, July 2, 2010

වන විනාශය.
Wikipedia වෙතින්
වෙත පනින්න: සංචලනය, ගවේෂණය

වන විනාශය. නාසාහි අභ‍යවකාශ ෂටලයක් මඟින් වසර 2000.07.28 දින නිරීක්ෂණය කරන ලද බ්‍රසීලයේ රියෝ බ්‍රැන්කෝ අසල සිදුවන වන විනාශයක්. වඩිවශයෙන් ම අයර්ලන්ත දූපත ඔස්සේ ඇති ඩිජොඅස් කන්ද 17 හා 18වන ශත වර්ෂ වලදී නැව් සැඇදීමට දැව ලබා ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම හෙළන ලදී.

වන විනශය යනු වනගත ප්‍රදේශයක් ,වගාකිරීමට සුදුසු ඉඩමක් ලෙස,සතුන් ඇතිකිරීමට,නාගරික ප්‍රයෝජනයට,දැව කොටන් කිරීමේ ප්‍රදේශයක් ලෙස හෝ මුඩු බිමක් ලෙස භාවිත කිරීමට වනාන්තර නොමැති ප්‍රදෙශයක් බවට පත් කිරීමයි. සාමන්‍යයෙන් වනයේ සැලකිය යුතු ප්‍රදේශයක් ඉවත් කිරීමේදී හෝ විනාශ කිරීමේදී ප්‍රතිඵලයක් ලෙස පහළ තත්වයක පරිසරයක් ලැබෙන අතර එහි ජෛව විවිධත්වයද අඩුවේ.බොහෝ රටවල ඉතා විශාල වන විනාශ සිදුවෙන අතර දෙශගුණය හා භූ විෂමතා වෙනස් වෙමින් පවතී.

ප්‍රමණවත් පරිදි නැවත වන වගාව සිදු නොකරමින් කරන වන විනාශයේදී ,වාසස්ථාන අඩුවීම සහ ජෛව විවිධත්වය පහත බැසීම ඉන්ධන හෝ කර්මාන්ත සඳහා දැව ලබාගැනීම හා ජීවිතයේ ගුණාත්මක භාවය අඩුවීම සිදුවේ.වසර 1800යේ මධ්‍ය භාගය තුල පෘථිවියේ පෙර නොවූ විරූ සීග්‍රතාවයකින් වන විනාශය සිදුවිය.යුරෝපයේ වනාන්තර වලට අම්ල වැසි වලින් අහිතකර බලපෑම් එල්ලවුනු අතර සෝවියට් සංඟමය බිඳවැටීමත් සමඟ සයිබීරියාවේ විශාල ප්‍රදේශයක දැව හෙලීම සිදුකරන ලදී.අවසන් දශක දෙක තුල ඇෆ්ගනිස්තානයට රට පුරා තිබූ වනාන්තර වලින් 70%ක් පමණ අහිමිවිය.කෙසේ වෙතත් වර්තමානයේ ලෝකයේ විශාලම වැහි වනාන්තර වල විනාශය පැහැදිලිව පෙන්නුම් කරන අතර, තොග වෙළඳාම සඳහා දැව හෙලීම නිසා ජෛව විවිධත්වයට හානිකර බලපෑම් සිදුවී ඇති අතර විශාල වශයෙන් වඳවී යාම් වලට ලක්වී ඇත.

පෘථිවියේ හෙක්ටයාර බිලියන 1.5 සිට 1.6 දක්වා තිබූ මුල් පරිණත ඝර්ම කලාපීය භාගයක් පමණ , එනම් හෙක්ටයාර 750 සිට 800 දක්වා කපාදමා ඇත.ලෝකයේම දෙවන විශාලතම ජෛව විවිධත්වයක් ඇති ගිණිකොනදිග ආසියාවේ. වනාන්තර දැනටමත් තීව්‍ර වන විනාශයකට ලක්ව ඇත.ඉතිරි වී ඇති ඒවායින් වැඩිප්‍රමාණයක් හෙක්ටයාර මිලියන 600 ක් පමණ ආවර්නය කරන ඇමේසන් වැසි වනයේ ඇත. වන විනාශය වැඩිවීම සීග්‍ර ජන ගහනය වැඩිවීමත් සම්ඟ එකට ගමන් කරයි.මේවා සංරක්ෂණය කිරීමට ජගත් මට්ටමේ ක්‍රියාමාර්ග නොගතහොත් 2030 වන විට වනාන්තර වලින් 10% පමණක් ඉතිරි වන අතර තවත් 10% ක් පහත් තත්වයේ භූමි වන අතර ඉතිරි 80% සමඟ නැවත ඇතිකරලිය නොහැකි ලෙස සිය සහස් ගණන් විශේෂ නැතිවී යයි.

ඉන්දුනීසියාව,තායිලන්තය,මැලේසියාව,බන්ගලාදේශය,චීනය,ශ්‍රීලංකාව,ලාඕසය, නයිජීරියාව,ලිබියාව,ගිනියාව,ඝානාව සහ අයිවරිකෝඅස්ට් වැනි ඝර්ම කළාපීය රටවල් වලට ඔවුන්ගේ වැසි වනාන්තර වලින් විශාල ප්‍රමණයක් අහිමිවී ඇත.පිලිපීනයේ වනාන්තර වලින් 90% ක් කපා ඇත.1960 දී මධ්‍යම ඇමරිකාවේ මුල් වනාන්තර වලින් 4/5 ක් ඉතිරිව තිබුනි .දැන් එය 2/5ක් පමණී.මැඩගස්කරයට 95% පමණ වැසි වනාන්තර අහිමි වී ඇත.බ්‍රසීලයේ අත්ලාන්තික් වෙරළ තීරයේ ඇතමාටා ඇට්ලන්ටිකා වනයෙන් 90%-95% පමණ අහිමිවී ඇත.බ්‍රසීල ජනපදයක් වන රොඩෝනියාවේ බාගයක් පමණ වූ හෙක්ටයාර මිලියන 24.3 පමණ ඉඩම් විනාශවී හෝ නොබෝ වසරකින් ඉතා භයානක අඩියකට පත්වීමට ඉඩ ඇත. 2007 වන විට හයිටි හි වනාන්තර වලින් ඉතිරිව තිබුනේ 1%ක් වන අතර බොහෝ අය හයිටිය කැරිබියන් කාන්තාරයක් බව පැවසීය.1990 සහ 2005 අතර නයිජීරියාවට 75% විශාල පැරණි වනාන්තර ප්‍රමණයක් අහිමිවිය. පිලිපීනය,තායිලන්තය හා ඉන්දියාව වැනි රටවල් ඔවුන්ගේ වන විනාශය ජාතික අවදානම් තත්වයක් බවට ප්‍රකාශකර ඇත

No comments:

Post a Comment