My Blog List

dshgsdfgsjk

shjskjsjlsjs

Search This Blog

Pages

Powered By Blogger

Friday, July 2, 2010

වන කළමනාකරණය සහ වන විනාශය
Wikipedia වෙතින්
වෙත පනින්න: සංචලනය, ගවේෂණය

වන කළමනාකරණය සහ වන විනාශය

වන කළමනාකරණය සහ වන විනාශය දැව නිෂ්පාදනයට වඩා සංරක්ෂණය සහ දිගු පැවැත්ම තහවුරු කර ඇති උතුරු කැලිෆෝනියාවේ රෙඩ් වුඩ් (Red wood) ශාඛය. වයඹ දිග ඔරිගන්හි ඇති වෙරළාශ්‍රිත ඩග්ලස් දේවදාර වනාන්තරය

වනාන්තර සහ ඒවායේ පරිසරය අතර ඇති අන්තර් සම්බන්ධතා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය වනාන්තර පරිසර විද්‍යාව නම් වේ. වනාන්තර කළමනාකරණය කිරීම වන කළමනාකරණය (forestry) නමින් හඳුන්වා ඇත. 1980 දශකයේ සිට වන කළමනාකරණය පෙර සියවස් කිහිපයකට පෙර පැවති ආකාරයට වඩා සීඝ්‍රව වෙනස් විය. වර්තමානයේ වන සංරක්ෂණය සඳහා යොදා ගන්නා ක්‍රියා මාර්ග තිරසාර වනාන්තර කළමනාකරණය ලෙස හඳුන්වයි. පරිසර විද්‍යාඥයින් තම දැඩි අවධානය වනාන්තර පද්ධති සහ ඒවායේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ඇති බලපෑම් වෙත යොමු කරයි. මෙසේ අවධානය යොමු කරනුයේ වනාන්තර කෙරෙහි ඇති බලපෑම් අතර ඇති සම්බන්ධතා පිළිබඳ අවධානය යොමු කරන අතරය. වනාන්තර පිළිබඳ සැලකිලිමත් වන පිරිස තිරසාර වනාන්තර කළමනාකරණය සිදු කරනුයේ පාරිසරික, සමාජයීය සහ ආර්ථික වටිනාකම් කේන්ද්‍ර කරගෙන දේශීය ප්‍රජාව සහ අනෙකුත් පරිසර හිතකාමීන් ඇසුරු කරගෙනය.

වනාන්තර කෙරෙහි බලපාන සාධක අතරින් මිනිසා මූලිකව සිදු කරන සාධක අතර වන විනාශය මිනිසා විසින් ඇති කරන ගිනි, අම්ල වැසි සහ පරිසරයට හඳුන්වා දෙන විශේෂ සඳහන් කළ හැක. මීට අමතරව ස්වාභාවික සාධක ද බලපායි. ඒ අතර වනාන්තරවල ඇති වන ලැව් ගිනි, රෝග, කෘමීන්, දේශගුණික විපර්යාස, විශේෂ අතර තරඟය වැදගත් වේ. 1997 දී ලෝක සම්පත් මධ්‍යස්ථානය (World Resource Institute) වාර්තා කරන අන්දමට 20%ක් පමණ වන මුල්ම වනාන්තර සම්පූර්ණව විනාශ නොවූ විශාල වනාන්තර අතර පිහිටයි. මේවායින් 75%ක්ට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රධාන රටවල් 3කට පැතිර ඇත. රුසියාවේ සහ කැනඩාවේ ඇති Boreal forests සහ බ්‍රසීලයේ ඇති වැසි වනාන්තර ලෙස ඒවා පවතී. 2006 දී ඉදිරිපත් කරන ලද නවතම චත්‍රිකා ජායාරූප මඟින් සම්පූර්ණව විනාශ නොවූ වනාන්තර පිළිබඳ නවතම දත්ත සකසා ඇත.

කැනඩාවේ 4,020000 km2 පමණ වන ආවරණයක් ඇත. එයින් 90% පොදුවේ අයිතියට යටත් වී ඇති අතර 50% ක් පමණ වගාව සඳහා ලබා දී ඇත. මෙම 50% ක ප්‍රමාණය තිරසාර වන කළමනාකරණය මූලධර්මය මඟින් මනාව කළමනාකරණය කරයි. දේශීය ජනයා සමඟ පවතින සබඳතා උපයෝගී කරගෙන කැනඩාවේ වන කළමනාකරණය සිදු කරයි. කැනඩාවේ වනාන්තරවලින් 8% පමණ සම්පත් සංවර්ධනය මඟින් නීත්‍යානුකූලව සංරක්ෂණය කරයි. මුළු වනාන්තර ප්‍රමාණයෙන් 40%ක් පමණ විවිධ සංරක්ෂණ ක්‍රම මඟින් භූමි ප‍රිභෝජන සැලසුම් හෝ සැලසුම් සහගත කළමනාකරණය එනම් සහතික කරන ලද වනාන්තර ලෙස සංරක්ෂණය කරයි. 2006 දෙසැම්බර් වන විට කැනඩාවේ 1237,000km2 වන වනාන්තර ප්‍රමාණයක් තිරසාර ලෙස කළමණාකරණය කරන ලද වනාන්තර ලෙස සහතික කරන ලදී. සම්පූර්ණයෙන්ම කැපිය හැකි වනාන්තරවල අස්වනු නෙලීමට, වනාන්තර විවිධ අවශ්‍යතා සඳහා කැපීමට භාවිතා කරන ක්‍රමය වන අතර ව්‍යාපාරිකව මෙය සිදු කරන සමාගම්වලට වනාන්තර නැවත පුනර්ජනනය කළ යුතු බවට නීති පනවා ඇත. බොහෝ කැනඩා ප්‍රාන්තව සම්පූර්ණයෙන්ම කැපිය හැකි ඒවාට සීමා කිරීමට නීති පනවා ඇති අතර සමහර පැරණි සම්පූර්ණ වන වගා 110km2 පමණ වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ වනාන්තර මිනිසාගේ බලපෑමට යටත්ව ඇත. නමුත් මෑතක දී දියුණු කරන ලද වනාන්තර සුරැකීමේ ක්‍රම මඟින් මධ්‍යස්ථ, විශාල පරිමාණ හෝ තද බලපෑම් පාලනය කරයි. නමුත් ඇමරිකානු වනාන්තර සේවා (forest service) ඇස්තමේන්තු කර ඇති ආකාරයට මුළු වනාන්තර ප්‍රමාණයෙන් 6000km2 ක ප්‍රමාණයක් නාගරීකරණය සම සංවර්ධනය නිසා අහිමි වේ. දකුණු ප්‍රදේශයේ 800,000 සිට 100,000 km2 ප්‍රමාණයක වනාන්තර සංවර්ධනය නිසා අහිමි වේ. නමුත් ඇමරිකාවේ උතුරු ප්‍රදේශවල වනාන්තර ප්‍රමාණය ස්ථාවරව පවතී, එසේ නැතිනම් ප්‍රමාණය ඉහල යයි.

ලොව ප්‍රධාන වනාන්තර ‍වර්ග දෙකක් හඳුනාගෙන ඇත.

1. ස්වභාවික වනාන්තර 2. මිනිසා විසින් නිර්මාණය කරන ලද වනාන්තර

ස්වභාවික වනාන්තර ස්වභාවික ජෛව විවිධත්ව රටා, ප්‍රදේශයට ආවේනික ජීවී, සහ ශාඛ විශේෂවලින් යුක්තය. වනාන්තරවල ස්වබාවික ගොඩනැඟුම කෙරෙහි හෝ වනාන්තරයේ අඩංගු දෑ සම්බන්ධ මිනිසාගේ බලපෑමක් මෙහිදී දක්නට නොමැත. නමුත් මිනිසා විසින් නිර්මාණය කරන ලද වනාන්තරවලට මිනිසාගේ ඇති බලපෑම නිසා පාරිසරික රටා වෙනස් වී ඇත. මේවායේ ඇති ශාක, සත්ත්ව විශේෂ වෙනත් ස්ථානයක සම්භවය ලබා වනාන්තරයට හඳුන්වා දුන් ඒවා

No comments:

Post a Comment