My Blog List

dshgsdfgsjk

shjskjsjlsjs

Search This Blog

Pages

Powered By Blogger

Friday, July 2, 2010

සත්ව සන්නිවේදනය - සන්නිවේදන මාදිලි
Wikipedia වෙතින්
වෙත පනින්න: සංචලනය, ගවේෂණය

වඩාත් ප්‍රචලිත සන්නිවේදන ක්‍රමයන් තුළ අනතර්ගත වන්නේ සුවිශේෂී දේහ උපාංග පෙන්වීම හෝ සුවිශේෂී දේහ චලන යන්ය. බොහෝ විට මෙම ක්‍රම 2හිම සංයෝජනයන්ය. එබැවින් සුවිශේෂී දේහ චලනයක් සුවිශේෂී දේහ උපාංගක් හුවා දැක්වීමට යොදා ගැනේ. චර්යා විද්‍ය‍ාවෙන් එන උදාහරණයක් නම් හෙරින්ග් ලිහිණියන් කැදැල්ලේ සිටින පැටවාට සිය හොට පෙන්වීමයි. බොහෝ ලිහිණියන්ට මෙන්ම හෙරින්ග් ලිහිණියාට ද දීප්තිමත්ව වර්ණ ගැන්වුණු හොටක් ඇත. එය කහ පැහැති වන අතර යටි අධෝ හනුවේ කෙළවර රතු ලපයක් ඇත. ඌ කෑම සොයා ගෙන ආපසු පැමිණි විට පැටවා ඉදිරියේ සිටගෙන, සිය ‍හොටෙන් පොළවට කොටයි. මෙය බඩගිනිකාර පැටවාගෙන් ආයාචනාත්මක ප්‍රතිචාරයක් ළඟා කර ගනී (අධෝ හනුv කෙළවර ඇති රතු ලපයt පැටවා සිය තුඩින් කෙටීම) එමඟින් මව හෝ පියා පැටවා ඉදිරියේ වැමෑරීමට යොමු කෙරේ. එබැවින් සමස්ත සංඥාව සුවිශේෂී දේහ උපාංගයක් (රතු ලපය) සහ පැටවාට රතු ලපය මනාව දෘශ්‍ය මාන වන සුවිශේෂී දේහ චලනයක් (පොළවට කෙටීම) අඩංගු කරගනී නිකෝ ටින්බර්ගන් හා ඔහුගේ සගයන් හොටයේ රතු පැහැය හා එහි පැහැදිලි කැපීපෙනීම පැටවාගෙන් අදාල ප්‍රතිචාරය ලබා ගැනීමේ දී තීරණාත්මක වන බව පෙන්වා දෙන ලදී. මෙම හැසිරීම පවතින සංකීර්ණත්වයෙන්ම සහජයෙන් ලද්දක් ද? හොටය කෙරේ මතුවන කුතුහ‍ලයෙන් හා දෙමාපියන්ගේ කැවීමේ අවශ්‍යතාව සංයෝජනය වීම මත නිසඟයෙන්ම ඇතිවන සරල ඉගෙනුම් ක්‍රියාවලියක් ද යන්න තවමත් විසඳී නොමැත. ලිහිණි පැටවා අවට ඇති දීප්තිමත් රතු, කහ, සුදු හෝ දිලෙන ද්‍රව්‍ය මත කෙටුව ද, ත්‍යාගයක් වශනේ ආහාර ලබා දෙනුයේ දෙමාපිය හොටය පමණි. අහම්බෙන් ගිලදමන රතු හෝ දීප්තිමත් පැහැති ප්ලාස්ටික්, වීදුරු කැබලි ලිහිණි පැටවුන්ගේ මර්ත්‍යතාවයට (මරණ ප්‍රමාණයට) සුලබ හේතුවක].

තවත් වැදගත් සන්නිවේදන ක්‍රමයක් නම් විහඟ ගීතයයි. එය පිරිමියා විසින් සාමාන්‍යයෙන් සිදු කෙරුණ ද ඇතැම් විශේෂ වල ගැහැණු සතාත් පිරිමි සතාත් යන දෙ‍නොම එකිනෙකාට පිළිතුරු දෙමින් ගායනයේ යෙදෙයි.. මෙය “යුග ගීතය” නම් වේ. විහඟ ගීතය වඩාත් ප්‍රචලිත වාචික සන්නිවේදන ක්‍රමයයි. වඳුරන්ගේ අනතුරු ඇඟවීමේ කෑගැසීම ගිබන්ගේ වසම් සංඥා , ගෙම්බන්ගේ සංසර්ග ප්‍රාරාධනා ඊට තවත් උදාහරණ වේ.තරමක්

අවස්ථා කිහිපයකදී හැර, ආඝ්‍රාණ සන්නිවේදනය අප්‍රකටය. බොහෝ ක්ෂීරපායීනට අනන්‍ය හා කල් පවතින ගන්ධයන් ඇති කරවන ග්‍රන්ථ ඇති අතර එම ගන්ධයන් ඔවුන් සිටි ස්ථානවලට මුදා හැරීමට අනුගත වූ චර්යාවන් ඇත. බොහෝවිට සිදුවන්නේ ඉහත ග්‍රන්තිවලින් නිපදවන සුගන්ධීය ද්‍රව්‍යයන් \ මුත්‍රා හා මළපහ සමඟ මිශ්‍ර කිරීමයි . ඇතැම්හු ශ්වේදය හරහා පතුරුවා හැරිය ද එය පොළව මත තැන්පත් කරන ලද ගන්ධ මෙන් දිගුකල් නොපවතී ඇතැම් සතුන් සතු ඇතැම් ග්‍රන්ථීන්වල සමස්ථ කාර්යය විලවුන් ලකුණු තැවරීම බව පෙනේ. උදාහරණ ලෙස මොංගෝලියානු ගර්බිල් සත්වයන්ගේ උදරයේ\ ඇති ග්‍රන්ථිවල කාර්ය විලවුන් ලකුණු තැබීම බව පෙනේ. ඔවුන්‍ උදර පෙදෙස ඇතිල්ලීමේ ලාක්ෂණික චර්යාවක් මඟින් විලවුන් ලකුණු තබන බව පෙනේ. රත්රන් හැම්ස්ටරයන් හා බළලුන් ඇලපතෙහි (සිරුර පෙදෙස) විලවුන් ග්‍රන්ථි දරන අතර ඇලපත පෙදෙස වස්තූන්හි පිරිමැදීම මඟින් එම විලවුන් ලකුණු තැන්පත් කරයි. බළලුන්ගේ නළලෙහි ද විලවුන් ග්‍රන්ථි ඇත. මී මැස්සන් වදයෙන් ඉවතට යාමේ දී මී වදයෙන් ද්‍රව්‍ය මල්ලක් රැගෙන යන අතර නැවත ඇතුල් වීමේදී එය නිකුත් කර\ ඔවුන් මී වදයේම කොටසක් බව දන්වා සුරක්ෂිත ඇතුල් වීම සහතික කර ගනී. මෙම සන්නිවේදන අතරින් බහුතරයක් අන්තර් විශේෂ සන්නිවේදනය සඳහා ද යොදා ගත හැක.

No comments:

Post a Comment