පලිබෝධනාශකවල පාරිසරික බලපෑම - වාතය
Wikipedia වෙතින්
වෙත පනින්න: සංචලනය, ගවේෂණය
පලිබෝධනාශකවල පාරිසරික බලපෑම - වාතය
පලිබොධනාශක මඟින් වායු දූෂණය සිදු විය හැක. පලිබෝධනාශක ප්ලවනය සිදු වන්නේ පලිබෝධනාශක කුඩා අංශු ලෙස වාතයෙහි අවලම්භනය වීමේ දී සුළඟ මඟින් ඒවා අපවිත්‍ර කරමින් අනෙකුත් ප්‍රදේශවලට ගෙන යාමෙනි. බෝග සඳහා යොදන ලද පලිබෝධනාශක අසල වූ ප්‍රදේශවලට වාෂ්ප වීම හෝ සුළඟ මඟින් යාම සිදු විය හැකි අතර එමඟින් වන ජීවිතය සඳහා තර්ජන ඇති විය හැක. එමෙන්ම විදින ලද පලිබෝධනාශක බිඳිති හෝ අංශු දූවිලි ලෙස සුළඟ මඟින් අනෙක් ප්‍රදේශවලට යාම හෝ සුළඟේ ගසා ගෙන යන දූවිලි වැනි අංශුවල තැන්පත් වී වෙනත් ප්‍රදේශවලට යාම සිදු විය හැක. භූමි විසිර විදීම මඟින් අවකාශ විසිර විදීමට වඩා අඩු පලිබෝධනාශක ප්ලවනයක් ඇති කරයි. ගොවිතැන්කරුවන්ට තම වගා බිම් වටා හිස් ඉඩම් හෝ සදාහරිත ශාක වැනි බෝග නොවන ශාකවලින් යුත් අවරෝධක ප්‍රදේශ ඇති කළ හැක. මේවා සුළං කඩන ලෙස ක්‍රියා කරන අතර පලිබෝධනාශක අවශෝෂණය කර ගනී. එමඟින් පලිබෝධනාශක අනෙකුත් ප්‍රදේශවලට ප්ලවනය වීම නතර වේ. මෙවැනි සුළං කඩන නෙදර්ලන්තයේ දී ගොවිතැන් සඳහා නීතිමය අවශ්‍යතාවයක් වේ.
ගොවි බිම්වලට ඉසින හා පස දුම් ගැස්සීම සඳහා යොදා ගන්නා පලිබෝධනාශක මඟින් වාෂ්පශීලී කාබනික සංයෝග ලෙස හඳුන්වන රසායනික සංයෝගයන් නිදහස් විය හැකි අතර ඒවා අනෙකුත් රසායනික ද්‍රව්‍ය සමඟ ක්‍රියා කර ඕසෝන් නැමැති දූෂකයක් සාදයි. මුළු ඕසෝන් නිෂ්පාදනය ආසන්න වශයෙන් 6%කට පමණ හේතු වන්නේ මෙම සංසිද්ධියයි.
No comments:
Post a Comment