My Blog List

dshgsdfgsjk

shjskjsjlsjs

Search This Blog

Pages

Powered By Blogger

Friday, July 2, 2010

වැසිවනාන්තර වල සිදුවන වන විනාශය
Wikipedia වෙතින්
වෙත පනින්න: සංචලනය, ගවේෂණය

නිවර්තන සහ උෂ්ණාධික වැසි වනාන්තර පසුගිය 20 වන ශත වර්ෂය මුළුල්ලේම දැව සදහා සහ කෘෂි කර්මාන්තය සදහා‍ බොහෝ දුරට විනාශයට පත් කෙරුණි. එබැවින් ලොව පුරා වැසි වනාන්තර මගින් ආවරණය වී පවත්නා ප්‍රදේශ ප්‍රමාණය අඩුවෙමින් පවතී. ජෛව විදයාඥයින් විසින් තක්සේරු කරන ලද අන්දමට විශාල ජීවි විශේෂ සංඛ්‍යාවක් මෙලෙසෙ ඔවුන්ගේ වාසස්ථාන අහිමි වීම හේතුවෙන් වදවී යාමට ලක්ව ඇත. (ආසන්න වශයෙන් වසරකට 50000 කට වැඩි ප්‍රමාණයක්) වැසි වනාන්තර ආරක්ෂා කර ගැනීම සහ ඒවා නැවන ප්‍රතිස්ථාපනය කිරීම පරිසර විදයාත්මක සංවිධාන සහ අනෙකුත් පුන්‍යාධාර ආයතන වල අරමුණ වී ඇත.

වැසි වනාන්තර ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වී යාම සදහා හේතු වී ඇති තවත් කාරණයක් නම් නාගරික ප්‍රදේශ වල ව්‍යාප්තිය ඉහළ යෑමයි. නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ වෙරළ බඩ ප්‍රදේශයෙහි ආසන්නයෙහි වන වෙරළ බඩ වැසි වනාන්තර ගහනයෙහි වර්ධනය අඩාල විමට හේතු වනුයේ සමුද්‍රාශ්‍රිත ජීවන රටාව නිසා එම වනාන්තර විනාශයට පත්වීමයි.

මුල් අවධියේ දී 1.56 – 1.66 හෙක්ටයාර වූ පරිණත නිවර්තන වැසි වනාන්තර වැස්ම මේ වන විට 750m – 800m හෙක්ටයාර දක්වා අර්ධයකින් පමණ අඩු වී ඇත. මෙම විනාශය නිරිත දිග ආසියාවෙහි වඩාත් සීඝ්‍රයෙන් දක්න‍ට ඇත. එම ප්‍රදේශය ලො‍්කයේ දෙවන විශාලතම ජෛව විවිධත්වයක් පවතින ප්‍රදේශයයි. ඇමසන් නිම්නයෙහි ඇමසන් වැසි වනාන්තර පවතින ප්‍රදේශය මගින් හෙක්ටාර මිලියන 600 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරනු ලබයි. එම ‍ප්‍රදේශය ඇමරිකා එක්සත් ජනපදයේ භූමිප්‍රමාණයෙන් 2/3 ක් පමණ වේ. මෙලෙස සිදු වන වන විනාශය පෙර නොවු විරූ ආකාරයට ඉතා සීඝ්‍රයෙන් සිදු වෙමින් පවති. ලොව පුරා ව්‍යාප්තව පවත්නා ආකාරයට මෙකි විනාශය වළක්වා දැමීමට කැපීපෙනෙන ක්‍රියාකාරකම් අනුගමනය නොකළ හොත් වසර 2030 වන විට වැසි වනාන්තර වලින් 10% ක් ප්‍රමාණයක් පමණක් ඉතිරි වන අතර තවත් 10% ක් විනාශ වු මට්ටමේ පවතිනු ඇත. 80% ක ප්‍රමාණයක් ලොවට අහිමි වී යන අතර එයත් සමගම ඒවාට ආවේනික වු ස්වාභාවික විවිධත්වය වද වී යාමට ලක්වන‍ු ඇත.

ඉන්දුනිසීයාව, තායිලන්තය, මැලේසියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව, චීනය, ලාඕසය, නයිජිරියාව, ලයිබිරියාව, ගිනියාව, ඝානාර් සහ Ivery coast යන බොහෝ නිවර්තන රටවල මේ වන විටත් ඔවුන්ගේ වැසි වනාන්තර වලින් විශාල ප්‍රමාණයක් අහිමි වී ඇත. පිලිපීනයේ වැසි වනාන්තර වලින් 80% ක්ම මේ වන විට කපා ඉවත් කොට ඇත. 1960 දී මධ්‍යම ඇමෙරිකාව සතුව එහි මුල් වනාන්තරවලින් 4/5 ක් පැවති අතර මේ වන විට ඔවුන් සතුව පවතින්නේ ඉන් 2/5 කි. බ්‍රසිලයේ රෝනඩෝනියා ප්‍රාන්තයෙහි හෙක්ටාර් මිලියන 24.3 ක් වු වැසි වනාන්තර ප්‍රමාණයක් මෑත කාලීනව විනාශයට පත් කොට ඇත. පිලිපීනය, තායිලන්තය ඉන්දියාව වැනි ඇතැම් රටවල් ඔවුන්ගේ වනාන්තර විනාශ කිරීම ජාතික ආපදාවක් ලෙසට ප්‍රකාශයට පත්

No comments:

Post a Comment